විනි විදිමි ප්‍රේමය

බොහෝ කල් විය හිතවත
අදට අපගේ නෙතු ගැටී
නුඹේ වත සේයාවකී හද
බැදී ඇති බෝ දූවිලී
පිස දමන්නට මතක පවනින්
උවමනාවක් මට නැතී
නොවදිනු සේ අහලකටවත්
සිත් කවුලු අගුලන්නෙමි

එක්ව ගිය මග නැගුනු හසරැලි
ඇසී සියොතුන් පිබිදුනූ
නගන කසු කුසු ඔහෙ වුනාවේ
නෑසු සවනින් හැර යමී

රැදෙන්නට හෝ මිදෙන්නට ‍යැයි
කියන්නට ඉසිඹුව නොවී
එයින් වෙනසක් නොවන බැව් දත්
කල්හි ප්‍රේමය හැදිනෙමී

අප්පච්චී….

ඔය දෙපා මග ගෙවුනේ මට පාර එලි වෙන්න.
දෑසේ කදුලැල් නැගුනේ මගේ සිනා පූදින්න.
සිහිල මට ගෙනාවේ නුබේ සිරුරේ නැගි ඒ ඩාබිදුයි,
හිනැහෙන්නේ මම පැලදගෙන අද නුබ තනා දුන් ඒ ඔටුන්නයි.

නොපතාම කිසිවක් යලිත් අප්පච්චි නුබ පින් පුරනවා..
පන්සලේ නොව නුබෙ හදවතේ මල් පුදසුනක් මම දකිනවා…
කෙලෙස නුබේ ණය පියවම්ද, මගේ හිත බර වෙනව.
සලුවකින් පිසමින් මහමෙරක්, මම තාම පාරමී පුරනව….

පැනි වලලු

මේපාර BMICH 1 තිබුනු පොත් ප්‍රදර්ශනයෙන් ගංගානාත් දිසානායකගෙ “පැනි වලලු” පොත ගත්ත.ඕනෑ කමකට ගත්ත නෙවේ.ප්‍රදර්ශනයෙදි මම ගුනසේන ස්ටෝල් 1 ට ගොඩ උන වෙලාවෙ අම්ම කෙනෙකුයි එයාගෙ දුවයි දුවගෙන ඇවිල්ල කවුන්ටර් 1න් ඇහුව පැනි වලලු පොත තියෙනවද කියල. මෙච්චර හොයන්න මේකෙ තියෙන වටිනාකම මොකද්ද කියල බලන්නත් එක්කයි පොත ගත්තෙ. ඊට කලින් යාලුවෙකුගෙන් මම පොත ගැන අහල තිබුන. මුල් පිටුව කියෙව්ව ගමන්ම මට කෙල ඉනුව, පොත පුරාවට මම කියෙව්වෙ අපේකම .පොත මට හුගක් සමීප උනේ එකෙ උඩරට සංස්කෘතිය ගොඩක් කියෙවිල තිබුනු නිසා වෙන්න ඕන. http://staff.sjp.ac.lk/ganganath/blog: මේ බ්ලොග් 1න් පොතේ කොටස් කියවන්න පුලුවන්, ඒත් ලග තියාගෙන ඉස්පාසුවක් ලැබුනු වෙලාවට අපේ යටි හිතේ හැංගිලා තිබුනත් නොදැනීම එලියට පනින  අපේ සිංහලකම වගෙම අපෙ සමහර ගොන්කම් ගැනත් කියවන්න වඩාත් හොදයි පොත ඇරන් තියාගත්තනම් කියල හිතනව.

“පෑනි වලලු” ගැන කියෙව්වම මට නුවර කෙනෙක් වීම ගන ආඩම්බර හිතුන. “අම්ම” කියෙව්වම නම් මට කදුලක් ආවත් මම මගේ අම්මට කොච්චර ආදෙරෙද කියන එක මට තේරුන; අම්මා මට කොච්චර ආදරෙද කියල හිතුන.. “නිදහස් අධ්‍යාපනය” කියවද්දී කැම්පස් ගිය කාලෙ මතක් උන. “හදිසිය” ගැන කියවද්දි දැන් ජීවත් වෙන කොලඹ පරිසරය මතක් උන..

කොච්චර හංගන්න හැදුවත් අපේකම මතු වෙලා එනහැටි අපිට හිතා ගන්න බෑ. මම නම් හිතනන්නේ මනුස්සයෙක් නම් එහෙම වෙන්න ඔන. සරත් ෆොන්සෙකා පැරදුනාම , ලංකාවම හිත යටින් දුක් වෙන්න අති කියල හිතනව.දෙන්නෙකුට දිනන්න බැරි බව ඇත්ත, ඒත් ඒත් අපේ මිනිහෙක්නේ, හැමෝටම එහෙම හිතෙන්නැති කියල හිතනව.  ඒත් බැරැක් ඔබාමා ඡන්දයෙන් පැරදුනා නම් අපිට එ තරම් දැනෙවිද?  පැනි වලලු පුරවට මම දැක්කෙ ඒ අපේකම.

පැනි වලලු කියවපු දවස්වලම ඒ ගැන ලියන්න හිතුනත් බැරි උනා. අද ඔෆිස් 1 ට ප්‍රමෝදනී නුවර ඉදන් එද්දි පැනි වලලු ගෙනත් තිබුන, ආයෙත් ඒ රහ මතක් උනු නිසා මේක ලීව.

Technical Electives

ටෙක්නිකල් ඉලෙක්ටිව්ස් යනු…………

කෑම පිගානක් බදුය!

ස්වභාවය : හොදින් පිස ඈත.නමුත් බෙදන්නා අනුව රස වෙනස් වේ.

බෙදූ විගස කෑම, දිරවීම පහසු කරයි.කෑමට කල් ගත වීමෙන් දිරවීම අපහසු වේ.

… අනුභවය සදහා නීතී රීතී :

1) ගත්තොත් අනිවාර්යෙන් කෑ යුතුය
2)පිලිවෙලට නොකෑවොත් අනාගෑනීමට සිදු වේ.
3)අනාගතහොත් 1ට 2ක් කෑමට සිදුවේ.

සෙමෙස්ටරේ පලමු දවස : මීට වඩා රස කෑමක් නෑ.!
සෙමෙස්ටරේ සති 2 කින් : අද එපා!
සෙමෙස්ටරේ මෑද : වෙන කෑම 1ක් ගන්නයි තිබුනෙ.!
සෙමෙස්ටරේ අග : බඩගින්නෙ හිටියත් ආයේ කෑම එපා. !
සෙමෙස්ටරේ ආරම්භයෙන් සති 16 කින්…. :
රසක් තිබූ බව දෑනේ.
කල් ඉකුත් වී ඈත.

In English it means:

TE
—–
A technical elective is like a plate given to taste.

Nature of it : It’s well cooked.But the taste felt, might depend on who serves it.Better to taste in the moment it’s being served or else as time passes it would be difficult.
Rules to eat:

1)If you took it, you should eat it.

2)If you don’t eat it nicely, you’ll mess up.

3)If you messed up,you will have to eat 2 plates for each 1 plate taken.

1 st day of the semester :” Nothing can be more tasty !”
2 weeks after semester has started :”Maybe not today!
Mid of semester : “Should have taken another plate,not this”
End of semester : “Not again!”
After 16 weeks of semester :
Feel “it did have some taste ”
….

….

…..

…..

…..
…..
……
……….
Has expired!!!!

We , Engineering undergraduates at Faculty of Engineering, University of Peradeniya have to follow  subjects as Technical Electives worth of 18 credits usually at out final year and this post is on them. These subjects are intended for adding value to the basics we have learned in core subjects and also would allow a student to select subjects relevant to a field he/she wants to specialize in.But it is argued how far this is achieved and can be viewed in 2 contexts , i.e

a lecture’s point of view and a student’s point of view.

A post by Dr. Roshan Ragel, A senior lecturer and a good adviser for us all at Department of Computer Engineering , Faculty of Engineering, UOP presents nicely on this in a lecturer’s perspective.

This is my idea on this as a student:

I think we should grab only those plates we feel as “that’s my plate !” and taste it well with pleasure.May be end result is not good , but we’ll be contented that the stomach is full and have the energy required!”

Once a teacher told students “Do not try to be parrots and swallow everything taught in the class and vomit it all at the exam to your answer sheet because nobody likes vomit!!Neither do I!ABSORB IT TO YOUR MINDS AT THE CLASS ITSELF “. That’s one of the best advice I’ve ever heard on learning.It’s what brought up this idea into my mind.

This is valid not only for TEs but also for core courses.When it is served from the department you belongs to,students know the taste and like it.But when some are served from other departments,they wonder “Why am I eating this ?” and whether “it is equally served for all ?” Eventually it might turns out that “It was for your own benefit”but then it’s expired!

I took the plates I liked.So,  my stomach is full and I am happy .I believe that’s the position most of us at final year are at now.

Selecting the subjects which suits us best and the ones we love to be devoted to will always make our lives easier, wait, are there such subjects? :O

Feel free to comment and share your ideas on this.

වෙනස

ඇත්තාට රාත්‍රිය දිගුය
ප්‍රිය සාද රස මසවුලු
පිරි දවසකට හිරු නැගෙන තුරු ඔහු මග බලයි
නැත්තාට රාත්‍රිය කෙටිය
ණය පොලී බැන ඇඩුම්
අනේ හෙට හිරු නොනැගේ නම්
ඒ ඔහුට මහ සැපයකි..

අවනඩුව

චක්‍රලේඛ පිටු අතර
තැලුනු පොඩි මල නුඹය
බිදුනු පෙති දැක හඩන
උයන්පල්ලා මමය
අසල්වැසි නිවස නුඹේ
නිති දකින පාසලය
නමුදු එහි ගේට්ටුව
පුත නුඹත වැසිලාය
නීතියේ දෑස් බැද
අතට දුන් තුලාවෙත්
කාසි පොදි ඇත දමා
සමබරව නැත එයත්
කාට කියමිද මේ අවනඩුව
යකඩ මල්ලත් ගුල්ලො කා නම්
නුඹ දිනන හෙට දිනක පැතුමන්
උඩු සුලගේ පා කරනු හැර මං

නිමිත්ත : පලමු ශ්‍රේණියට ලමුන් ඇතුලත් කර ගැනීමේදී අසාධාරණයට ලක් වන දිලිදු
මව්පියන්ගේ කදුල

 

 

 

කඩුලු පැනීම

පස් වසක් පොත් බලා
එක කඩුල්ලක් පැන්නා
තව කඩුල්ලක් පැන්නා
බලා පොත් සයවසක්
දෙවසරක් නිදි වරා
එලැඹුනත් ජය ටැඹට
නොවි එතැන ජය ටැඹක්

ඇත්තේ තව කඩුල්ලකි
දිව යන්න සිව් වසක්
දිව්වට කොයි තරම් වේගෙන්
හති වැටෙන්නේ කලාතුරකින්
හිතේ ඇත්තේ එකම හැගුමකි
“පැන්න උස නම් හොදටොම මදි”

පෙනෙන්නේ නෑ මග හැරුනු දේ

දැනෙන්නේ නෑ වැටුනු අය ගැන
නොදැක මග හැරුනු දේ
නොනැගිටවා වැටුනු උන්
දිව ගියොත් ලොව පතන්
දිනුම ලද හැකිද ඉන්

 

නිමිත්ත: විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපනය